ශාක විවිධත්වය සපුෂ්ප ශාකවල රූපීය ලක්ෂණ පුෂ්ප හටගන්නා ශාක සපුෂ්ප ශාක ලෙස හැ`දින්වෙන අතර පුෂ්ප හට නොගන්නා ශාක අපුෂ්ප ශාක ලෙස හැදින්වේ. සපුෂ්ප ශාකයක ප්‍රධාන කොටස් 01 මුදුන් මුල 02 පාර්ශ්වික මුල් 03 මූල පද්ධතිය 04 කඳ 05 පාර්ශ්වික අංකුර (කක්ෂීය අංකුර) 06 පත්‍ර 07 අග්‍රස්ථ අංකුරය 08 අතු 09 ඵල 10 පුෂ්ප 11 ප්‍රරෝහය සපුෂ්ප ශාක කොටස්වල විවිධත්වය ශාක මුල්වල විවිධත්වය සාමාන්‍යයෙන් ශාකවල මූල පද්ධතිය පස තුළ පවතී. එය ආකාර දෙකකින් පැවතිය හැකි ය. 1 සමහර ශාකවල කඳේ පාදයෙන් හටගන්නා ප්‍රධාන මුලක් ඇති අතර එය මුදුන් මුල වශයෙන් ද එම මුදුන් මුලෙන් හටගන්නා ශාඛා මුල් පාර්ශ්වික මුල් වශයෙන් ද හැ`දින්වේ. මෙවැනි මූල පද්ධතියක් මුදුන් මූල පද්ධතියක් ලෙස හැඳින්වේ. නිිදසුන්- කුප්පමේනියා, අඹ, කජු 2 තවත් සමහර ශාකවල කඳේ පාදයෙන් හටගන්නා කුඩා ප්‍රමාණයේ මුල් රාශියක් පවතී. එවැනි මූල පද්ධතියක් තන්තු මූල පද්ධතියක් ලෙස හැදින්වේ. නිදසුන්- පොල්, පුවක්, උ...
Posts
Showing posts from January, 2018